කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරයි

June 16, 2023

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබේ.

මෙම නව මගී පර්යන්තය රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව වරායට පැමිණි පළමු මගී නෞකාවේ සිටි සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම අද (16) පෙරවරුවේ සිදු කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ සිට පැමිණි එම්.වී එම්ප්‍රරස් නම් සුඛෝපභෝගී නෞකාවෙන් මගින් 800දෙනෙකු පැමිණ තිබුණ බවයි වාර්තා වන්නේ.

නව මගී පර්යන්තය තුළ මගීන් 200දෙනෙකු සඳහා එකවර පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව සඳහන්වෙයි.

t

o

p