අධ්‍යාපන හා ආගමික උපදේශක මණ්ඩලයක් පත් කෙරේ

June 14, 2023

අධ්‍යාපන හා ආගමික උපදේශක මණ්ඩලයක් පත් කිරීම සාරධර්ම වැඩිදියුණු කිරීම සඳහා බලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමේ අරමුණින් සිදු කෙරුණි.

එමෙන්ම පාසල් සිසුන්ගේ සහ පාසල් ප්‍රජාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාජිකයින් 128 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පසුගිය 01 වනදා අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදී.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික නායකයන් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

t

o

p