පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල පහළට

June 14, 2023

පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ මිල අඩු කිරීමට සුදානම් බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කරයි.

ඉදිරි සති 2 තුළ තවදුරටත් පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර සදහන් කරයි.

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම සහනය රටේ ජනතාවට ලබාදිය හැකි බව ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර තවදුරටත් සදහන් කරයි.

t

o

p