කුල දරුවන් සසුනට පූජා කිරීමේදී වයස් සීමාවක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.
ඒ සම්බන්ධයෙන් මහ නා හිමිවරුන් සමග මෙම සතියේදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියි.
නිවැරදි මග පෙන්වීමකින් තොරව කුඩා දරුවන් සසුනට පූජා කිරීම තුළින් එම දරුවන්ට මව්පිය සෙනෙහස අහිමි වීම වැනි මානුෂිය කරුණු සලකා බලා මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.