ස්වර්ණමහල් තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම අද සිට

June 9, 2023

ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම අද (9) සිට ජූලි මස 12 වැනි දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පත්කරුවකුට ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් ලක්ෂ 11 ක් බැගින් වන්දි මුදලක් හිමිවන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සුදුසුකම්ලාභී තැන්පත්කරුවන්ට මහජන බැංකුවේ ඕනෑම ශාඛාවකින් වන්දි මුදල් ලබාගත හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. තැන්පත්කරුවන්ට ස්වර්ණමහල් ආයතනය ද විටින් විට ඔවුන්ගේ තැන්පත් මුදලින් කොටසක් ගෙවා තිබේ.

t

o

p