දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වනදා විවාදයට

June 8, 2023

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීරණය කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම සතිය මුලදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදි.

t

o

p