අද (03) දිනයේ සහ හෙට දිනයේ ඉන්ධන බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.
එහෙත් පිරවුම්හල් ආශ්‍රිතව නිර්මාණය වී ඇති පෝලිම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ඉන්ධනහල් වෙත හිඟයකින් තොරව ඉන්ධන සැපයීම සිදුකරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.
රට තුළ ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ සදහන් කරයි.
ඉන්ධන ලබාගැනීමේ ජවාරම වෙනත් පුද්ගලයින්ගේ (QR) කේතය ලබාගෙන සිදුකරමින් ඇති බවත් එම නීතිවිරෝධී ක්‍රියාවට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා සදහන් කරයි.