ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව කැඳවයි

May 21, 2023

ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි.

දහම් පාසල් සහ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන ආශ්‍රිත ඩෙංගු පරිශ්‍ර පරික්ෂා කිරීම් මෙන්ම ඩෙංගු මර්ධන කටයුතු අද (21) සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පවසයි.

ජාතික ඩෙංගු මර්දන එ්කකයේ ප්‍රජා වෛද්‍ය, ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, එහි පළමු අදියර අද කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බවයි.

වැඩිම රෝගින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර එය 7,978 කි.කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,411 හා කළුතර දිස්ත්‍රික්කයෙන් 2,121 ක් මේ වන විට වාර්තා වන බව, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ය.

t

o

p