විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද බත්තරමුල්ලේදී

May 19, 2023

තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුම අද (19)පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතින්ද සහභාගි වීමට නියමිතයි.

1975 ජූලි 27 යාපනය නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින් ය.

තිස් වසරක යුද සාපයෙන් ලද අත්දැකීම් මුල් කොටගෙන ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සාමය උදෙසා යුද්ධයක් මෙහෙය වූවේ ය.

2009 මැයි 19 ජාතිවාදි භීෂණය මුවහත් කළ යුද්ධය නන්දිකඩාල් කලපුවේ මිහිදන් විය.

උත්තරීතර සාමය රැක ගත හැක්කේ, අලුතින් සිතන, පුළුල්ව දකින ,පොදු හැඟීමෙන් ජීවත්වන ශ්‍රී ලාංකේය ජන පරපුරකටයි.

t

o

p