කොළඹ ආරක්ෂාව තර කෙරේ

May 13, 2023

රට පුරා විශේෂ මෙහෙයුමක් (12) වැනිදා සිට (15) වනදා දක්වා සිදු කරන බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

මාර්ගවල ගමන් කරන වාහන අහඹු ලෙස පරික්ෂා කිරීම සිදු කරන බවත් දිවා රාත්‍රී අඛණ්ඩ මාර්ග බාධක යොදා මෙසේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

එම මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර අපරාධ බහුල ප්‍රදේශවල රාත්‍රි මුර සංචාර තර කිරීමට කටයුතු කරන බවද පොලීසිය සදහන් කරයි.

මත්ද්‍රව්‍ය, ගිනිඅවි ප්‍රවාහනය හා සැකකරුවන් සොයා සිදු කරන මෙම මෙහෙයුම් සියලුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සිදුකරන බවද පොලීසිය සදහන් කරයි.

t

o

p