ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන සදහන් කරයි.
ඉන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගෙවී ගිය සතිය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 405ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 394ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 130ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 108ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 67ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 156ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය පසුගිය සතියේ වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙනවා.
ඩෙංගු තුන්වන ප්‍රභේදය මෙරටින් වාර්තා වී ඇත්තේ වසර 14 කට පසුව බවත්, මෙම තත්ත්වය හේතුවෙන් ශරීරයේ ප්රතිශක්තීකරණය සම්බන්ධයෙන් ද ජනතාව අවදානය යොමු කළ යුතුව ඇතැයිඔහු වැඩිදුරටත් පවසයි.