විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට මැතිවරණ කොමිසමින් සහන

May 8, 2023

ආබාධිත සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් මැතිවරණයකට සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී මුහුණපාන දුෂ්කරතා අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නියමු ව්‍යාපෘති කිහිපයක් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ ආබාධිත පුද්ගලයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මැතිවරණයෙන් මැතිවරණයට විශේෂඥ වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට මැතිවරණ කොමිසම තීන්දුවක් ගෙන ඇති බවයි.

එමෙන්ම, දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ඡන්ද පත්‍රිකාව මත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි අත්හදා බැලූ නව ක්‍රමවේදයක්ද මේවනවිට සාර්ථක වී ඇති බව ඔහු සඳහන් කරයි.

t

o

p