ඩෙංගු ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක්

May 4, 2023

රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

මහාචාර්යවරයා සඳහන් කළේ මේ හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබද ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි.

එමෙන්ම දරුවන්ගේ ඩෙංගු ප්‍රතිදේහ පිළිබඳ අධ්‍යයනයක් ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති බව මහාචාර්යවරයා පවසයි.

මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර සදහන් කළේ ඉදිරියේ දී ඩෙංගු රෝගය සදහා එන්නත් ලබාදෙන්නේ නම් මෙම දත්තයන් ඉතා වැදගත් වනු ඇති බවයි.

t

o

p