භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමුවී තිබේ.
එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර, එහි දීයි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ.
ඒ අනුව වැවිලි කර්මාන්ත – කර්මාන්ත සහ තාක්ෂණය, වරාය – නාවික හා ගුවන් සේවා, වෙළඳ – වාණිජ හා ආහාර සුරක්ෂිතතාව යන අමාත්‍යාංශ සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීමටයි තීරණය වී ඇත්තේ.