දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක්

April 29, 2023

ලංකාවේ බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

නව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වාදීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීමට ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සදහන් කළේ,

“පුද්ගල ආදායම් බදු ගෙවන්නන් සඳහා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් බදු වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් මෙමගින් හඳුන්වා දීමට නියමිතයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියේ දී මාර්ගගත ක්‍රමයට පිවිසීමේ දී මෙම ක්‍රමය බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.

රඳවා ගැනීමේ බද්දට යටත් නොවන රුපියල් ලක්ෂයට අඩු පොලී ආදායමක් සහිත පුද්ගලයන්ගේ රඳවා ගන්නා මුදල් නැවත කඩිනමින් ඔවුන් වෙත මුදා හැරීමට නොහැකි වීම හේතුවෙන් විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තිබුණ.

නව සංශෝධන යටතේ ඉතා කෙටි කාලයකින් රඳවා ගැනීමේ බද්දට යටත් නොවන පුද්ගලයන්ට එම මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා. මුදල් වශයෙන් කරනු ලබන ගනුදෙනු වඩාත් අධෛර්මත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා පහසුකම් නව සංශෝධනය මගින් සැලසෙනවා.”

t

o

p