පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවයි.
කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා ඒ බව සඳහන් කරයි.
ගැබිනි මව්වරුන් දහවල් කාලයේ එළියට යෑමෙන් වැළකී නිවෙස්වලම රැඳීසිටිය යුතු බවත්, අධික රස්නය හේතුවෙන් විජලනයට පත් විය හැකි බැවින් වතුර ලීටර් 3ක් 4ක් පමණ පානය කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.