දිස්ත්‍රික්ක 07ක හෙක්ටයාර් භාගයකට අඩුවෙන් කුඹුරු වගාකරන ගොවීන්ට 50Kg යූරියා පොහොර මිටියක් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ යටතේ පොළොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ගොවි පවුල් 71000 ක් මෙම ප්‍රතිලාභ ලබයි.
යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත එම පොහොර ලබා දෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ යටතේ මෙරට ගොවීන්ට නොමිලේ කෘෂි උපකරණ කට්ටලද ලබා දීමට නියමිතව තිබේ.