උණුසුම් කාලගුණය මේ මස අවසන් වන තෙක්

April 20, 2023

උණුසුම් කාලගුණය මේ මස අවසන් වනතෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ අද (20) දිනයේත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ යන පළාත්වලට දැඩි උණුසම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

එම පළාත්වලට අමතරව මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ වැඩි වශයෙන් වැඩිහිටියන් සහ කුඩා ළමයින් ද ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

t

o

p