තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

April 20, 2023

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ප්‍රාදේශිය අණදෙන නිලධාරී නුවරඑලිය සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඒ.එස්. සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිමඩ පොලිස් වසමේ උඩවල පාර, හපුවත්ත, මිරහවත්ත ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට ඇති වෙළඳසැළ තුළ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අලෙවි කිරීම සඳහා තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද ZICA වර්ගයේ දුම්වැටි 200 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38 ක හපුවත්ත, මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිමඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p