සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට සුදානම්

April 20, 2023

2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එමෙන්ම පැල්මඩුල්ල,කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරය සඳහන් කරයි.

මීට අමතරව රඹුක්කන, කුලියාපිටිය, තලාව, කැකිරාව, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, නාවලපිටිය, කුණ්ඩසාලේ, ගම්පොළ, වව්නියාව, කිලිනොච්චි, අම්බලන්ගොඩ, මාතර, කටාන -සීදූව, ජා ඇල, වත්තල – මාබෝල, ගම්පහ, මහර සංවර්ධන සැලසුම් මෙම වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

t

o

p