දිස්ත්‍රික්ක 08 කට අනතුරු ඇඟවීම්

April 20, 2023

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ අවධානය යොමු කිරීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කරන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

t

o

p