බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය අද

April 18, 2023

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය ලන්ඩනයේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන එක්වීමට නියමිතයි.

දෙරට අතර පවත්නා බහුවිධ සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් මෙම උපායමාර්ගික සංවාදය හරහා දෙපාර්ශවයට හිමිවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියි.

මෙම සංවාදයට සමගාමීව මෙරට විදේශ කටයුතු ලේකම්වරිය පොදුරාජ්‍ය මණ්ඩලයේ සහකාර මහ ලේකම් මහාචාර්ය ලුයිස් ජී. ෆ්‍රැන්චෙස්කි සමඟද ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

t

o

p