චීනයෙන් මෙරටට අඛණ්ඩව සහය

April 17, 2023

මෙරට සංවර්ධනයට චීන රජයේ සහය අඛණ්ඩව හිමිවන බව චීන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ චීන තානාපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි.

මෙම හමුවට එම ඒජන්සිය නියෝජනය කරමින් එහි ආර්ථික හා වාණිජ උපදේශකවරුන් පිරිසක්ද එක්ව තිබේ.

එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන්ද අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

t

o

p