යුරෝපා සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්

April 15, 2023

යුරෝපා සංගමය සදහන් කළේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අවසන් කර දේශපාලන විසදුමක් සෙවීමට උදව් නොකළහොත් චීනය සමග විශ්වසනීය සබදතාවක් පවත්වා ගැනීම දුෂ්කරවනු ඇති බවයි.

යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හමුවේ මධ්‍යස්ථභාවයක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවය.

සෑම පාර්ශ්වයකටම යුරෝපා සංගමයේ ප්‍රතිපත්තියට එකඟවන ලෙස ඉල්ලීමක් නොකරන නමුත් නීතී උල්ලංඝනය කීරීම සම්බන්ධයෙන් සරලව සිතාබලන ලෙස ඉල්ලා සිටින බව විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් සඳහන් කර තිබේ.

t

o

p