හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපරභාග 02.59 ට උදා විය.
මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද උදෑසන 08.35ට යි. අද රාත්‍රී 09.23 ට පුණ්‍ය කාලය නිමාවට පත් වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව යෙදී තිබුණේ අපරභාග 02.59 ටයි. ආහාර පිසීමේ නැකත අපරභාග 03.29 ට උදාවනවා. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අපරභාග 05.05 ටයි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ටමෙවර අළුත් අවුරුද්දේ නැකත් වාරිත්‍රවලට අනුව හිස තෙල්ගෑමේ නැකත යෙදී තිබෙනවා. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි” යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන් වී ඇත්තේ.
රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක් ද ඇතුලත්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු යි.