යල කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7ක් වගා කෙරේ

April 9, 2023

යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 7කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවීන්ට මඩ පොහොර නොමිලේ ලබාදීමත් සමඟ මෙලෙස වී වගාවට යොමුවීම මෙවර ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම පහත හෙලීම සඳහා රජය මෙවර යල කන්නයේ රසායනික පොහොර මිලදී ගැනීමට හෙක්ටයාරයකට රුපියල් 20,000ක මුදලක් සහ හෙක්ටයාර 2ක් වගාකරන ගොවීන්ට රුපියල් 40,000ක මුදලක් බැගින් ලබාදීමට සැළසුම් කර තිබේ.

එමෙන්ම ගොවීන්ගේ ඉල්ලීම මත වල්නාශක සහ පලිබෝධනාශක මිල ගණන්ද 20%කින් පහළ දැමීමට රජය පියවර ගත්තා.

t

o

p