වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙසේ මුහුදු මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමට ලක්‌වෙයි.

April 4, 2023

වැල්ලවත්ත දුම්රියපොළ අසල කොලින්වුඩ් පෙදෙස මාර්ගය ඉදිරිපිට මුහුදුබඩ මාර්ගයේ දෙහිවල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන මුහුදු මාර්ගයේ කොටසක් හදිසියේ ගිලා බැසීමට ලක්වී ඒ මොහොතේ ඒ මතින් ගමන් කළ වැගන් ආර් රථයක් අනතුරට ලක්වී ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

මෙම ස්ථානයෙන් දුම්රිය මාර්ගයත් ප්‍රධාන මාර්ගයත් ආවරණය වන පරිදි අලුතින් මාර්ග ඉදිකිරීමේදී පැරණි බෝක්කුව වසා නොදමා අලුත් බෝක්කුවක් දැමීම නිසා මේ ආකාරයට පැරණි බෝක්කුව ගිලා බැසීමට හේතුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තු නඩත්තු අංශ සේවකයෝ කියති. තවද දුම්රිය මාර්ගයේ යටද සුළු ගිලා බැසීම් සිදු වෙමින් පවතින බවත් ඒ පිළිබඳව වාර්තා කර ඇති බවත් එම අංශ සේවක පිරිස් කියා සිටී. මේ අනුව දැනට එම ස්ථානයෙන් වාහන ගමනා ගමනය සීමා කරමින් පවතීන අතර, ගිලා බැසි මාර්ග කොටස දිගටම වසා දැමීමටත් කටයුතූ කරනු ලැබ ඇතැයිද පොලිසිය කියයි.

t

o

p