ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්

April 4, 2023

දැනට ගැසට් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධ්‍යනය සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එහි සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවසුවේ, ඒ තුළ යම් ගැටලුවක් ඇතැයි අදාළ කමිටුව නිර්දේශ කළ හොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යොමුවන බවයි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ජාත්‍යන්තරය තුළ පිළිගත් මූලධර්ම අනුව මෙම පනත සකස් කර ඇති බවයි.

t

o

p