ගෑස් මිල දාහකින් අඩුවෙයි

April 3, 2023

හෙට(4) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් පමණ අඩු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එම වර්ගයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක වර්ථමාන මිල රුපියල් 4,743 ක් වනවා.

t

o

p