යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්

March 31, 2023

යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම ඌගේ චර්යාවන් නිදහස් අයුරින් පැවැත්වීමට විශාල බාධාවක් වී ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින් යාල ජාතික උද්‍යානයේ සංචාරය කිරීමේදි අහඹු ලෙස කොටි පැටියා දැක ගැනීමට කටයුතු කිරිම මිස ඌ හඹා ගොස් නැරඹිමට කටයුතු කිරීමෙන් වලකින ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

t

o

p