ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු අගයකින් සටහන් වෙයි.
පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 90ත්, 100ත් අතර මිලකටයි.
උඩරට නොවන බීට්, නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 60ත්, 80ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළඳපොලේ ද රුපියල් සියයකට අඩු අගයකින් අලෙවි විය.
ගෝවා මිලද රුපියල් 65ත්, 90ත් අතර අගයන්වල සටහන් වීම විශේෂත්වයක්.
ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි වන්නේ රුපියල් 140කට අඩු තොග මිලකටයි.
මැනිං වෙළඳපොලේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වී තිබුණේ රුපියල් 35ත්, 50ත් අතර මිලකටයි.