විදෙස් සමාගම් 3කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට කැබිනට් අනුමැතිය

March 27, 2023

විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වෙතටයි.

අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

t

o

p