ලංගම හා පෞද්ගලික අංශයේ බස් රථ රියදුරන් අතර පවතින අනවශ්‍ය තරගකාරීත්වය නිසා රියදුරන් අතර පහර දීම් සිදුවන බැවින් මාර්ග නීති ආරක්ෂා කිරීම හා විනය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය සහ මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ලංගම බස් රථ වලට පහර දීම් සඳහා පුද්ගලික අංශයේ රියදුරන් වැරදිකරුවන් වුවහොත් එම පුද්ගලික අංශයේ බස් රථ රියදුරන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත්, එසේම ලංගම බස් රථ රියදුරන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ටද දැඩි දඩුවම් ලබා දීමටත් පියවර ගන්නා බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන්ම, ලංගම රියදුරන් 800 ක පමණ හිඟයක් පවතින අතර මේ නිසා ලංගම සතු බස් රථ 800 ක් පමණ ධාවනයේ නොයෙදෙන බවත්, මේ වන විට රාජ්‍ය සේවා කොමිසම මගින් රියදුරන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යන බැවින් කෙසේ හෝ සිංහල දෙමළ අලුත් අවුරුද්දට ප්‍රථම මෙම බස් රථ ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.