අද (13) භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක්

March 13, 2023

රුපියල් මිලියන 180,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද (13) පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

මේ සඳහා වන ලංසු අද (13) පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකි බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන ගෙවීම් මාර්තු 15 වැනි බදාදා සිදු කළ යුතුයි.

t

o

p