ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව ලකුණු 65ක් ඉදිරියෙන්

March 11, 2023

නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 83ක් රැස් කර ගෙන සිටියි.

ඕෂධ ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 28ක් රැස් කර සිටියදීයි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 17යි. කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 2ක් රැස් කර සිටියා. ප්‍රතිවාදී කඩුලු තුනම බිඳ හෙලීමට මාෂල් ටික්නර් සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 355ක්. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ලකුණු 65ක් ඉදිරියෙන් සිටියි.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අද අවසන් වුණේ තුන්වන දිනයයි.

t

o

p