වැල්ලවායේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 80ක් පැය 08ක් තුළ විවෘත වේ

December 13, 2014

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමේ අරමුණින් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 80ක් පැය 08ක් තුළ විවෘත කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ආසනයට අයත් සෙවණගල, තණමල්විල, වැල්ලවාය, බුත්තල හා කතරගම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් කාර්යාල විවෘත කරනු ලැබීය.

 

යතුරු පැදි, මෝටර් රථ පෙරදැරිකර ගනිමින් වැල්ලවාය ආසනය පුරා සංචාරය කරමින් මෙම කාර්යාල විවෘත කිරීම් සිදුකළ අතර ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබිණි.

 

ඒ අනුව වැල්ලවාය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල 139ක් විවෘත කිරීමට නියමිත අතර ඉතිරි කාර්යාල ද ඉදිරි දින දෙකහි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.

 

ජනාධිපතිතුමාට කෘතගුණ සැලකීමක් ලෙස සිය නිවෙස්වල කාර්යාලයක් විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාතාවගෙන් දැඩි ඉල්ලුමක් පවතින බවත් එහෙත් මැතිවරණ නීති රීතිවලට පටහැනි නොවන ලෙසින් මෙම කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවත් එතුමා කීවේය.

 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ජනාධිපතිතුමාට සහය පළ කරමින් එකතු වීමත් සමඟ බිම් මට්ටමේ දැනට ඉතිරිව සිටි ප්‍රාදේශීය දේශපාලඥයින් හා පාක්ෂිකයින් විශාල වශයෙන් ජනාධිපතිතුමාට සහය පළකරමින්, එක්වෙමින් සිටින බව පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

 

වසර 20 ක් පුරා අඛන්ඩව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමට කටයුතු කළ ජනතාව එම වාර්තාව මෙවරද වාර්තා පිට වාර්තා තැබීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කෙළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p