ජනපති අකුරැස්ස ජනතාව හමුවෙයි

December 13, 2014

අද (12) පස්වරුවේ මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අකුරැස්ස එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අසල දී එම ප්‍රදේශයේ ජනතාව හමු විය.

එහි පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඔවුන් මහත් හරසරින් යුතුව පිළිගත් අතර රට දිනවූ රාජ්‍ය රාජ්‍ය නායකයා වෙත තම ආචාරය ද පුද කර සිටියහ.

 

වැඩම කර සිටි මහා සංඝරත්නය ද ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

 

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, විජය දහනායක යන මහත්වරු ද අකුරැස්ස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන සංවිධායක මනෝජ් සිරිසේන යන මහතා සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

3834c47bcaa12648e4daf84363e22635_L pre1 pre2

Sammy

Previous story Next story

Leave a comment

t

o

p