රටේ ප්‍රගතිශිලි බලවේග ජනාධිපතිතුමා වටා එක්වෙලා

December 13, 2014

එජාපය සමඟ අපගේ පක්ෂයේ සුළු පිරිසක් එකතු වුණත් මේ රටේ ප්‍රගතිශිලි බලවේග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා එක් වී සිටින බවත් අනුරාධපුරයේදී ඒ තත්ත්වය හොඳින් ම දුටු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී. පද්මසිරි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 03ක් සඳහා පැවති විවාදයේ අදහස් දක්වමිනි.
විදේශයන්ගෙන් ආනයනය කරන සමහර භාණ්ඩ සඳහා බදු පැනවීම වරින් වර සිදු වුණා. මෙය අලුත් දෙයක් නෙමෙයි. විවිධ හේතු මත මෙලෙස බදු පැනවීම සිදු කෙරෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය අපට අමතක නැහැ. ඊයේ පෙරේදා උපන් අය වගේ සමහරු කතා කරනවා. එජාප පාලන සමයේ වැඩි සැලකිල්ලක් අවධානයක් යොමු කළේ දානපති පන්තියටයි. 1977 විවෘත ආර්ථිකයත් සමඟ අපේ බොහෝ දේ විනාශ වුණා යැයි ද ඔහු කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p