මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

March 9, 2023

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායූ විමෝචන අංශය මඟින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් ‪070 350 0525‬ යන වට්ස්ඇප් දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දිනපතා ධාවනයේ යෙදෙන පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ, රජයේ වාහන මෙන්ම පොලීසියේ වාහන සම්බන්ධයෙන්ද එලෙස පැමිණිලි රැසක් ලැබී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථවල දුම් පරීක්ෂාව සිදුකරන අතර පසුගිය මස සිදුකරන ලද පරීක්ෂාවෙන් බස් රථ 40%කට වැඩි ප්‍රමාණයක් දුම් පරීක්ෂාවෙන් අසමත් වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

එම අසමත් වන වාහන දින 14ක කාලයක් තුළ වේරහැර ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර අදාළ පරීක්ෂාවන් සිදුකරනොගන්නේ නම් එම අදායම් බලපත්‍ර ආසදු ලේඛන ගත කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

t

o

p