තිරිඟු පිටි, පරිප්පු හා සුදු සීනි මිල පහළට

March 8, 2023

අද (08) සිට තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරෙනු ඇත.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති. තොග මිල අඩුවිමට සාපේක්ෂව ඉදිරියේදී පරිප්පු හා සීනිවල සිල්ලර මිලෙහිද අඩුවිමක් සිදුවෙනු ඇත.

තිරිඟු පිටි මිල අඩු වීමත් සමඟ කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

කොත්තුවක මිල අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

t

o

p