ලෝක ආර්ථිකයෙන් සියයට 85 ක් වන, ධනවත් රටවල් 19 ක් හා යුරෝපා සංගමය ඇතුලත් G20 සමුළුවේ ආරම්භක දිනයම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. ඒ, යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් විවිධ රටවල් විවාදාත්මක අදහස් පළ කිරීමත් සමඟයි.
කෙසේවෙතත් සත්කාරකත්වය දරන ඉන්දියාවේ සැලසුම වී තිබුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන වෙනත් ප්‍රශ්ණ කෙරෙහි අවධානය යොමු කිරීමටයි. එහෙත් යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළවීමත් සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නොමැතිව එහි පළමු දිනය නිමාවූ බවයි ඉන්දියාව පවසා ඇත්තේ.
G20 සමුළුවේ ආරම්භක දේශනය ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීම ද විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.