වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද ජනපති සමග සාකච්ඡාවක

February 25, 2023

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (25) පැවැත් වීමට නියමිත ව ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රජය විසින් පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය අහෝසිකර , සාධාරණ බදු ප්‍රතිපත්තියක් සකස් කරන්නැයි එහිදී ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

අද පෙරවරු 10.30ට පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා වෘත්තීය සමිති 40ම නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වන බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ ය.

වරාය , විදුලිය , වෛද්‍ය , ජල සම්පාදන , බැංකු , ඛණිජ තෙල් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති 40 ක් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ඇතුළත් වේ.

රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායමක් ලබන පුද්ගලයෙකුගෙන් 6% සිට 36% දක්වා බදු අය කිරීම පසුගියදා රජය තීරණය කළේ ය.

වෘත්තීයවේදීන් විරෝධතාවල නිරත වන්නේ, ඊට එරෙහිවයි.

t

o

p