පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ දැනුම් දීමක්

February 24, 2023

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා නොපැවැත්වෙන බවත් එම ජන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු මස 03 වෙනිදා දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවෙදනය කර සිටියි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් තීරණය කර ඇත්තේ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවය.

මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා එහි සාමාජිකයින් වන එස්.බී. දිවාරත්න, එම්. එම්. මොහොමඩ් සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන් එක්වී සිටි බවද වාර්තා විය.

ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉදිරිපත් කිරීම ට ද තීරණය කර තිබේ.

එහිදී, 2023.03.09 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව සිදුකළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

t

o

p