රුපියල් මිලියන 487ක් වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට

February 24, 2023

ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 487ක් පමණ වටිනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

නාවික ලේඛන වල රෙදි රෝල් 266ක්අඩංගු බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි මෙරටට ගෙන්වා ඇති බවත් අදාළ දුම්වැටි සහිත බහාලුම තුළ විදේශ රටක නිෂ්පාදන දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම දුම්වැටි තොගය නීති විරෝධී ආකාරයෙන් රේගුවෙන් බැහැර වූයේ නම් රජයට රුපියල් මිලියන 404ක පමණ බදු මුදලක් අහිමි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශය මගින් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය

t

o

p