විරෝධතාවෙන් පසු අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

February 23, 2023

භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව 27 වන සඳුදා සිට අදියර කිහිපයක් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවයි.

මෙරට ලක්ෂ 42ක් වන දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට එසේ බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් නීත්‍යානුකූලව ක්‍රියාකර ඇති බව ද ඉන් පෙන්වා දෙයි.

t

o

p