බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

February 22, 2023

බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද (22) දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ.

මෙම භූ කම්පනය නිසා හානි සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දේ.

t

o

p