පෝර්ට්සිටියට බ්‍රිතාන්‍ය පාසලක්

February 19, 2023

බ්‍රිතාන්‍යයේ කීර්තිමත් පාසල් එකතුවක් කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

ඒ සම්බන්ධව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක දූත පිරිසක් මෙරටට පැමිණ ඇති අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමග ද ඒ පිළිබඳ සාකච්ඡා කර ඇත.

මෙරට දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර මට්ටමේ තරගකාරී දරුවන් පිරිසක් මෙරටින් බිහි කිරීමේ අරමුණු ඇතිව ජාත්‍යන්තර පාසල ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.

t

o

p