නීතී විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදය සටහන් කර නොමැති අලෙවිය සඳහා සූදානම් කර තිබූ Manchester වර්ගයේ දුම්වැටි 400 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 59 පසුවන කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංච් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
විශේෂ කාර්ය බලකාය බස්නාහිර පාළාත් විශේෂ මෙහෙයුම් (ඩී) කළාපයේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන් පාලනය කිරීම සහ මර්ධනය කිරීම සදහා යෙදවා ඇති යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත පොලිස් සැරයන් 7703 මධුශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය පොලිස් වසමේ වැල්ම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර වැටලීමක් සිදුකර ඇත.