පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන්නැයි ඉල්ලයි

February 16, 2023

පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් හා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස එම සන්ධානය අදාළ ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම තත්ත්වය සමනය කිරීම මෙන්ම කළමනාකරණය කිරීම රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් හා උත්තරීතර ව්‍යවස්ථාදායකයේ නියොජිතයින් ලෙස පැවරී ඇති වගකීමක් වන බැවින් ස්ථාවර නියෝග 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස එම සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

t

o

p