මහජන බැංකුවේ ගිනුම් පවත්වාගෙන ගිය ඉන්ධන බෙදුම්කරුවන් පිරිසකගේ ගිනුම් නවතා ඇත

February 15, 2023

සංස්ථාව මගින් ඊයේ රාත්‍රි 12 සිට බෙදුම්කරුවන් විසින් ඉන්ධන තොග මිල දී ගැනීමට මහජන බැංකුව වෙත තැන්පත් කරන මුදල් ගිනුම් ගත කිරිම සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇත. ඒ් අනුව අද දින මුදල් ගෙවා ඇති බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකිවි ඇත.
මේ පිළිබද ක්‍රියාත්මක වු ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය  මහජන බැංකුවේ සභාපතිතුමන්ව සහ සංස්‌ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර බෙදුම්කරුවන්ට සාධනීය විසඳුමක් ලබාදෙන ඉල්ලා ඇත.

“සියලුම බෙදුම්කාර මහත්ම මහත්මීන් සදහා ඉන්ධන මිලදී ගැනීමේදී අද දින සිට ( 2023 /02/13) මහජන බැංකුවේ ගිණුම් වල මුදල් තැන්පත් කොට ඉන්ධන ඇනවුම් කරන බෙදුම්කාර මහත්ම/මහත්මින් සදහා ඉන්ධන නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.” – ප්‍රාදේශීය කලමණාකාර – සබරගමුව 

හෙට දින සිට සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වෙමු.

අධ්‍යක්ෂක මණ්ඩලය
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙ සංගමය 

t

o

p